May 19, 2024

කාලා හමාරයි - හෝටල් කෑමත් ගණන් උස්සයි Featured

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේ දී ප්ලේන්ටියේ සිට ආහාර පානවල මිල ඉහළ යන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

ඒ අනුව බත් පැකට් එකක මිල අවම වශයෙන් රුපියල් 20ක් හෝ 30 කින් වැඩිවෙන බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම පාන්පිටි මිල ද ඉහළ යාමත් සමඟ කොත්තුවක මිල රුපියල් 10කින් හෝ 15කින් වැඩිවන බවයි අසේල සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම ෂෝටීස් වර්ගවල මිලද රුපියල් 5කින් ඉහල දැමිය යුතු බවද ඒ මහතා පවසා සිටියා.

Rate this item
(0 votes)