May 14, 2024

පාන් මිලත් ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාන් නිෂ්පාදනයට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයන් වන තිරිඟු පිටි, සීනි, මාගරින් සහ බිත්තර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස පාන් මිල ඉහළ දැමූ බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 110 ක් වන අතර, කෙටි බේකරි නිෂ්පාදන ද රුපියල් 10 කින් හෝ ඊට වැඩි අගයකින් ඉහළ දැමීමටයි බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 40 කින් සහ සෙරන්ඩිබ් සමාගම තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 35කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව මීට පෙර වාර්තා වුණා.

Rate this item
(1 Vote)