May 10, 2024

කොම්පඤ්ඤ වීදියේ ඉදිකරන ගුවන් පාලම යට රථගාලක්! ඇවිදින මංතීරුත් ඕන - මහාමාර්ග ඇමති කියයි

February 21, 2022

කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ඉදිකරන විනිසුරු අක්බාර් මාවතේ සහ උත්තරානන්ද මාවත් වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම් වල ඉදිකිරීම් වල වර්ථමාන තත්ත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා නිරත වුණා.
 
මැලේ වීදියෙන් ප්‍රවේශය ලබා ගන්නා විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරනු ලබන ගුවන් පාලම කොම්පඤ්ඤ වීදියේ දුම්රිය හරස් මාර්ගය හරහා ඉදිකිරිමේදී එය මීටර් 5.3ක් උසින් ඉදිකරනු ලබයි.

මැලේ වීදියේ සිට කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය දක්වා ඇති ගුවන් පාලමේ යටි කොටසේ වාහන නවතා තැබීම සදහා රථගාලක් ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය මෙම නිරික්ෂණ චාරිකාවේදී යොමු වී තිබෙන බව මහාමාර්ග අමාත්‍යාංශය පැවසුවා.

එමෙන්ම රථගාල ඉදිකරන මාර්ග දෙපස කන්ටේනර් රථ ගමන් කිරිම සදහා සේවා මංතීරු ඉදිකරනු ලබන බවද එහිදී එම ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතා පෙන්වා දුන්නා.
 
උත්තරානන්ද මාවතේ ඉදි කරනු ලබන ගුවන් පාලමට සමගාමීව මාර්ගය දෙපස ඇවිදින මංතීරු ඉදිකිරීම කෙරෙහිද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.  
 
විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තයි. උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396ක්. එහි පළල මීටර 9.4ක්.

මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310ක්. එහි පළල මීටර 6.9ක්. මේ සඳහා රුපියල් මිලියන 5270ක් වැයවන බව එම අමාත්‍යාංශය සදහන් කළා.
 

Rate this item
(0 votes)

Related items