May 03, 2024

පරණ පාලමට අලුත් පාලමක්! ඇමති ජොනී පාලම් ලැයිස්තුවක් හදයි

February 21, 2022

කුවේට් රජයේ ආධාර යටතේ දිවයිනේ පළාත් 07ක් ආවරණය වන පරිදි පාලම් 66ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන “ සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්ති මාලාව යටතේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණ පෙරදැරි කර ගෙන මෙම පාලම් 66ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම පාලම 66 ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කුවේට් රජය මූල්‍ය ආධාර සපයයි. වසර 03 ක් ඇතුලත මෙම පාලම් 66 ප්‍රතිසංස්කරණය කර අවසන් කිරීමට නියමිතයි.

ජාතික මාර්ගයන් හි පවතින පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීමත්, පටු පාලම් පුලුල් කර ප්‍රතිසංස්කරණය කිරීම තුලින් පාලම් භාවිතා කරන මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් ගමන් කාලය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවයි මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරන්නේ. 

එමෙන්ම ගංවතුර , නාය යෑම් වැනි හදිසි ආපදා තත්වයක් යටතේ වුවද රට පුරා මාර්ග ජාලය තුල බාධාවකින් තොරව ආරක්ෂාකාරීව ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා තාවකාලික පාලම් ඉදිකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ සඳහා අවශ්‍ය පාලම් ලේඛනය මේ වන විට සකස් කර ඇති අතර ඉදිරියේ දී අදියර කිහිපයක් යටතේ එම පාලම් ප්‍රසම්පාදනය කිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Rate this item
(0 votes)

Related items