April 28, 2024

EPF, ETF 25% බද්දට වෙන දේ ගැන විමල් පිලේ රැස්වීමේදී එලියට

February 20, 2022

ආණ්ඩුවේ හවුල්කාර සන්ධානගත පක්ෂ නායකයන් මීට දින කිහිපයකට පෙර මුණ ගැසුණා.

ඒ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේදී.

හෙළිදරව් වූ කරුණ

ඔවුන් අතර පැවති සාකච්ඡාවේදී ඉතා වැදගත් කරුණක් හෙළිදරව් වූ බවයි වාර්තා වන්නේ.

ඒ සේවක අර්ථසාධක අරමුදලට හා භාරකාර අරමුදලට 25% ක අධිභාර බද්දක් පැනවීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ගත් තීන්දුව පිළිබඳවයි.

එම තීන්දුව මේ වන විට ඉවත් කර ගැනීමට ආණ්ඩුව තල්ලු වී ඇති බව එහිදී ප්‍රකාශ වුණා.

විශේෂ අවධානය

මෙම සාකච්ඡාවේදී වැඩි වැඩි අවධානය යොමු වූයේ එළඹෙන මාර්තු මස එම කණ්ඩායම විසින් එළිදැක්වීමට නියමිත යෝජනාවලියට.

එම යෝජනාවලියේ පදනම වන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ එන්නේ කෙසේද යන්නයි.

එම යෝජනාවලිය සම්බන්ධයෙන් රටේ විශාල උනන්දුවක් ඇති වන අයුරින්ම එය සමාජගත කළ යුතු බව එම සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාගේම පොදු මතය වුණා.

සහභාගි නොවූ පක්ෂය

වීරවංශ මහතාගේ නිවසේ පැවති එම සාකච්ඡාවට උදය ගම්මන්පිල , වාසුදේව නානයක්කාර යන ඇමතිවරුන් මෙන්ම පූජ්‍ය අතුරලියේ රතන හිමි , ජයන්ත සමරවීර , ගෙවිඳු කුමාරතුංග , ටිරාන් අලස් , වෛද්‍ය ජී.වීරසිංහ පිරිසක් සහභාගි වූ බවයි දැනගන්නට තිබෙන්නේ.

මීට පෙර එම කණ්ඩායමේ රැස්වීම් වලට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම රැස්වීමට සහභාගි වී නැහැ.

ශ්‍රී.ල.නි.පය වෙනුවෙන් මෙම කණ්ඩායමේ රැස්වීම් වලට රැස්වීම්වලට සහභාගි වූයේ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 February 2022 01:55