May 03, 2024

ඔන්න මම ඒ පොරොන්දුවත් ඉටු කළා: ගම්මන්පිල

February 18, 2022

තෙල් හිඟයක් ඇති වන්නේ නම් තමන් ඒ බව කල්තියාම දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බොහෝ අවස්ථාවල ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු ඒ අනතුරු ඇඟවීම අද (18) කලා.

හෙළි කළ කරුණ

ඒ මාධ්‍ය හමුවක් පවත්වමින්.

එහිදී ඔහු වැදගත් කරුණක් හෙළිදරව් කළා.

ඒ තමන් වෙත මහ බැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ලිඛිතව කළ දැනුම්දීමක් පිළිබඳව.

රුපියලේ ප්‍රශ්නය

ඒ ලිපියේ සඳහන්ව තිබුණේ තෙල් ගැනීම සඳහා උවමනා කරන ඩොලර් මිලට ගැනීමට අවශ්‍ය රුපියල් ලබාදීමට නොහැකි බව මහ බැංකු අධිපතිවරයා තමන්ට කළ දැනුම් දීමක් බව අමාත්‍යවරයා හෙළි කළා.

එම ලිඛිත දැනුම් දීම කළේ ජනවාරි මස 28 වැනි දින බවයි ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ.

තෙල් මිලට ගැනීමට ඩොලර් නැති වීම කෙසේ වෙතත් ඩොලර් මිලට ගැනීමට රුපියල් නැති වීම මත නුදුරු දිනක තෙල් හිඟයක් රටේ ඇතිවීමේ බරපතළ අවදානමක් තිබෙන බවට ඇමතිවරයා අනතුරු අඟවනවා.

පෙර කී කතාව

එහෙත් ගම්මන්පිල අමාත්‍යවරයා මීට මාස කිහිපයකට පෙර සදහන් කළේ වෙනත් කතාවක්.

එනම් රටට ඩොලර් නොමැති මුත් අවශ්‍ය තරම් රුපියල් තිබෙන බවයි.

එම ස්ථාවරයද අද (18) ඔහු වෙනස් කර තිබෙනවා.

Rate this item
(0 votes)