May 07, 2024

15 වියැති දැරියකට පාළු ගෙයක් තුළ දී අවාසනාවන්ත ඉරණමක්

February 15, 2022

බාලවයස්කාර දැරියක් අපහරණය කොට දූෂණය කිරීමේ පුවතක් ඉමදූව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම අපරාධයට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 15ක දැරියක් බව සඳහන්.

ඇය මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ ඇයගේ පෙම්වතා අතින්.

19 හැවිරිදි වියෙහි පසුවන එම තරුණයා මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඉමදූව පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

පසුගිය 08 වැනි දා අදාළ දැරිය නිවසින් අතුරුදන් වී ඇති බවට දැරියගේ දෙමාපියන් පොලීසියට පැමිණිලි කොට ඇති බව වාර්තාවන අතර එම දෙමාපියන් පසුගිය 13 වැනි දින නැවත පොලීසියට පැමිණ පැමිණිලි කොට ඇත්තේ සිය දියණිය තරුණයෙකු සමග ගොස් ඇති බවට අනාවරණය වී ඇති බව යි.

ඒ අනුව ඉමදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇති බව සඳහන්.

එම විමර්ශනවලට අනුව ඉමදූව, කොඹළ ප්‍රදේශයේ පිහිටි පාළු ගෙයක් තුළ මෙම තරුණයා අදාළ දැරිය සමග ලිංගිකව හැසිරී ඇති අතර එලෙස ඔවුන් දෙදෙනා සිටින අතරතුරදීම පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර වඩාත් සුවිශේෂී කරුණ වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ පෙම්වතා බව කියන තරුණයාගේ මව ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබීම යි.

ඇය එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දැරිය දූෂණය කිරීමට අනුබල දීමේ චෝදනාව යටතේ යි.

එමෙන්ම අදාළ තරුණයාගේ මව විසින් දැරියගේ කරාඹූ ජෝඩුව විකුණා දමා ඇති බවත්, පසුව ඇයට ඇඳුම් පැළඳුම් මිලට ගෙන දී ඇති බවත්, මෙම දෙදෙනාගේ සබඳතාවට අනුබල දී ඇති බවත් අනාවරණය වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

සිද්ධියට මුහුණ දුන් දැරිය පොලීසිය විසින් මේවන විට පරිවාස භාරයට යොමු කොට ඇති අතර ඉමදූව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 15 February 2022 11:06