April 26, 2024

පරිප්පුවා අඹන්පොළ දී මාට්ටු

February 15, 2022

සංවිධානාත්මක අපරාධකරුවෙකුවන “පරිප්පුවා” නමැත්තා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඒ, විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් විසින්.

ඊයේ (14) රාත්‍රියේ මොහු අත්අඩංගුවට පත්ව ඇත්තේ අඹන්පොළ ප්‍රදේශයේ දී යි.

පරිප්පුවා නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන බව යි අප වෙත වාර්තා වූයේ.

එමෙන්ම ඔහුට අධිකරණයෙන් වරෙන්තු ද නිකුත් කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී පරිප්පුවා සතුව ජීව අත්බෝම්බයක් ද තිබී ඇති බව යි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 15 February 2022 12:42