May 04, 2024

වෙඩි වරුසාවකින් එගොඩ උයන කැළඹෙයි! කතකට අතක් අහිමිකළ 'අබ්බා' මරුට!

February 11, 2022

ඊයේ (10) රාත්‍රියේ මොරටුව එගොඩ උයන, මෝදර ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා භටයින් අතර යි මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ.

සිද්ධියෙන් එක් අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙඩි වැදී මරණයට පත්ව තිබෙනවා.

පසුව අනාවරණය වී ඇත්තේ මෙලෙස මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අපරාධකරුවෙකුවන දුලාන් සමීර සම්පත් නොහොත් “අබ්බා” නමැත්තා බවට යි.

ඔහු විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන “පානදුර සලිඳු” නමැත්තාගේ සහයකයෙකු ද වන බව සඳහන්.

අබ්බා නමැති මියගිය අපරාධකරු එගොඩ උයන, මෝදර ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකොට ඇති බව යි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

26 හැවිරිදි වියේ පසු වූ මෙම අබ්බා නමැත්තා මීට මාස කිහිපයකට පෙර වලාන ප්‍රදේශයේ දී කාන්තාවකගේ අතක් තියුණු ආයුධයක් භාවිත කරමින් කපා දැමූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ද වනවා.

වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේ දී අබ්බා සමග සිටි තවත් පුද්ගලයින් 06 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට පක්ව ඇති බව ද වාර්තාවනවා.

මේ අතර අදාළ වෙඩි හුවමාරුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර ඔහු මේවන විට රෝහල්ගත කර ඇති බව සඳහන්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 February 2022 13:02