May 04, 2024

දඹුල්ල ආර්ථිකය පාකිස්ථාන වෙළඳුන්ගේ ග්‍රහණයට! දේශීය ගොවියා අතරමං (PHOTOS) Featured

February 11, 2022

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගය දෙපස ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ආනයනය කරන අර්තාපල් අල සහ ලොකු ලූනු අලෙවිකරණ ක්‍රියාවලිය සිදු කරන බවට ඒෂියන් මිරර් වෙත තොරතුරු වාර්තා වනවා.

මේ නිසා මාර්ගයේ ගමන් කරන අනෙකුත් ගොවි ජනතාවට ගමන් කිරීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීන් චෝදනා කරනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගය එළවළු සහ පලතුරු ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන ගොවීන්ගේ පහසුව සඳහා ඉදී  කරන ලද්දක්.

පාර මැද වෙළදාම

එහෙත් මේ දිනවල පාකිස්තථානයේ සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු ලූනු සහ අර්තාපල් අලෙවි කිරීම් මෙම මාර්ගය මැද සහ දෙපස කන්ටේනර් රථ මගින් සිදුකෙරෙන බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

වෙළඳසැල් නොමැති බොහෝ පාකිස්තාන වෙළෙඳුන් මාර්ගයේ දෙපස තම අණසක පතුරවමින් කිසිදු වාහනයකට ගමන් කිරීම්ට නොහැකි වන ආකාරයටයෙන් වෙළඳාම් කටයුතු සිදු කරන බව ජනතාව පෙන්වා දෙනවා.

මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් මෙන්ම ප්‍රදේශයේ දේශපාලන අධිකාරියද දැනුවත් කළ ද එහෙත් කිසිදු වගකිව යුතු අංශයක් නිසි අවධානය යොමු නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන සහ එයින් පිටව යන වාහන වලට ගමන් කිරීමට නොහැකි වී ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

පාකිස්තාන වෙළදුන් දඹුල්ලේ 

විදේශීය රටවලින් ගෙන්වන මෙම අර්තාපල් සහ ලොකු ළූණු අලෙවි කිරීම් සිදු කරනු ලබන්නේ පාකිස්තානයේ සිට මෙරටට පැමිණ රැඳී සිටින ව්‍යාපාරිකයන් පිරිසක් බව ඒෂියන් මිරර් වෙත අනාවරණය වුණා.

ඔවුන්ට නගර සභාවකට සහ රජයට ගෙවන බදු මුදලක් විදුලි බිලක් හෝ කිසිදු වියදමකින් තොරව ප්‍රධාන මාර්ගය වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරගෙන ඇති බව ද ඔවුන් චෝදනා කරනවා. 

ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගය දිනපතා අළුයම 5 සිට දහවල් වන තුරුම මෙම වෙළඳාම් කටයුතු සිදුවනවා.

නීතිය ක්‍රියාත්මක වීම

මේ අතර කන්ටේනර් රථ වල සිට ඇති අල, ලූනු මිලදී ගැනීම් සඳහා ලොරි වලින් පැමිණෙන පුද්ගලයින්ට මෙම වෙලදාම් සිදුකොට අතරමග සියලු ගනුදෙනු සිදුවන බව වෙළෙඳුන් පෙන්වා දෙනවා.

මෙම අතරමැදි වෙළඳාමළඳාම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ පාකිස්ථානයේ සිට පැමිණි වෙළෙන්දන් මෙම වෙළඳාම් සිදු කරන බවයි.

ඉදිරියේදී ඊට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ප්‍රධාන මාර්ගය දෙපස අලෙවිකරණ කටයුතු නිසා මාර්ගයේ ගමන් කරන අනෙකුත් ගොවි ජනතාවට ගමන් කිරීමට නොහැකි දැඩි අසීරුතාවයකට පත්ව ඇති අයුරු,

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 11:12