May 04, 2024

බදුලු දුම්රිය වටවලදී පීලි පනී - උඩරට දුම්රිය ගමන් නවතී (PHOTOS)

February 11, 2022

වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පිළිපැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද පෙරවරුවේ මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

මේ වන විට දුම්රිය පීලිගත කරමින් පවතින අතර, එය යථා තත්ත්යට පත් කරන තෙක් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයේ ප්‍රමාදයක් සිදු වනු ඇති බව පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 11 February 2022 10:55