May 17, 2024

බලු සුරතලා මරන්න ආ අයියාගේ ගෙල මල්ලී විසින් කපා දමයි (PHOTOS)

February 07, 2022

පනාමුර, මුල්ඇඩියාවල, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ගෙල කපා ඝාතනය කොට තිබෙනවා.

ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ මියගිය තැනැත්තාගේ බාල සොයුරා විසින් මෙම ඝාතනය සිදු කොට ඇති බව යි.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකු බව සඳහන්.

සිද්ධියට සම්බන්ධ බාල සොයුරාගේ නිවසෙහි සුරතලයට ඇති කරන සුනඛයෙකු විසින් බාල සොයුරාගේ පුත්‍රයා සීරුම් තුවාළ ලැබීම මෙම අපරාධයට මුල් වී ඇති බව යි වාර්තා වන්නේ.

එම සිදුවීම පෙරේදා (05) දින සිදුව ඇති අතර, සිය පුත්‍රයා සූරා ඇති සුනඛයා මරා දැමීමට යැයි පවසමින් වැඩිමහල් සොයුරා මන්නා පිහියක් ද රැගෙන බාල සොයුරාගෙ නිවසට පැමිණ ඇත්තේ ඊයේ (06) රාත්‍රී 8.00ට පමණ යි.

සුනඛයා මරා දැමීමට තැත් කරද්දී එය වැළැක්වීමට උත්සහ කළ බාල සොයුරාගේ බිරිඳගේ අතක් වැඩිමහල් සොයුරාගේ පිහියෙන් කැපී තුවාළ වී ඇති බව සඳහන්.

පසුව එම ස්ථානයට බාල සොයුරා පැමිණ ඇත්තේ පොරවක් ද රැගෙන යි.

ඔහු පොරවෙහි මිට ප්‍රදේශයෙන් සිය වැඩිමහල් සොයුරාට පහර දී ඇති අතර පසුව ඔවුන් දෙදෙනා අතර පොරබැදීමක් සිදුව තිබෙනවා.

එහි දී බාල සොයුරා විසින් වැඩිමහල් සොයුරා අත තිබූ පිහිය උදුරාගෙන ඔහුගේ ගෙල කපා ඇති අතර ඔහු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති බව යි අප වාර්තාකරු සඳහන් කළේ.

කැපුම් තුවාළ ලැබූ බාල සොයුරාගේ බිරිඳ මේවන විට ප්‍රතිකාර ලබන්නේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ යි.

සිද්ධිය සම්බන්ධයෙන් පනාමුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 February 2022 19:19