May 21, 2024

"පාස්කු ප්‍රහාරයේ සියලු තොරතුරු දුන්නා. දැන් තියෙන්නේ එක දෙයයි" - කාදිනල් හිමි රතු එළි දල්වයි

February 07, 2022

පාස්කු ප්‍රහාරය ගැන සඳහන් කරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් යළිත් ආණ්ඩුවට රතු එළි දල්වා තිබෙනවා.

ඒ ආණමඩුව, මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ස්ථාපනය කරන ලද එල්ලෙන අලි වැටක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

එහිදී උන්වහන්සේ කියා සිටියේ "අපි දේශපාලනය කරන්නේ නෑ. අපි කියන්නේ පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට සාධාරනයක් ඉෂ්ඨ කරන්න කියන එකයි. සාධාරනය කළොත් අපි අනවශ්‍ය දේවල් කරන්න යන්න නෑ"

බෝලේ ඒ පැත්තට දාලා

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් කාදිනල් හිමිපානන් වහන්සේ මෙසේද ප්‍රකාශ කළා.

"වොලිබෝල් ගහන කොට බෝලේ මේ පැත්තේ ඉදලා ඒ පැත්තට දානවානේ. ඒ ආකාරයට අපි දැන් බෝලේ ඒ පැත්තට දාලයි තියෙන්නේ. ආණ්ඩුවට දැන් තියෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදු කර ඇත්ත හෙලි කරලා වින්ධිතයින්ට සාධාරණයක් ඉටු කිරීමයි. නමුත් ඒ දේ සිදු නොවන නිසා තමයි අපි ඒ වෙනුවෙන් විවිධ කටයුතු කරන්නේ.

මෛත්‍රීට චෝදනා

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියළුම දෙනාගේ තොරතුරු මේ වන විට අපි ලබා දී තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාගේ සිට අන්තීම පොලිස් නිලධාරියා දක්වා සියළුම තොරතුරු එම සටහන් වල තියනව. නමුත් අපිට තියන ගැටළුව තමයි වත්මන් රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියන කාරණය. පාස්කු ප්‍රහාරය එල්ල වන විට අපේ රටේ හිටපු ජනාධිපතිවරයා තමයි ආරක්ෂක ඇමති ලෙස කටයුතු කළේ. එහෙම නම් ප්‍රහාරයේ වගකීමක් හිටපු ජනාධිපතිවරයාට නෑ කියලා කියන්න පුළුවන් කමක් කාටවත් කොහොමවත්ම නැහැ.

"අපි කිසිදු අවස්ථාවක කරන්න බැරි දෙයක් ඉල්ලන්නේ නෑ. අපි ඉල්ලන්නේ කරන්න පුළුවන් දේවල් පමණයි." යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කළා.

පුත්තලම - ජූඩ් සමන්ත

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 February 2022 13:20