May 17, 2024

රබර් වත්තේ කුරිරු කාන්තා ඝාතනය ගැන තතු හෙළිවෙයි

අමානුෂික ලෙස කාන්තාවක් ඝාතනය කර ඇති පුවතක් ගොකරැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගොකරැල්ල පොලිස් වසමේ පිහිටි රබර්වත්ත ප්‍රදේශයේ නිවසක් තුළ මෙම කාන්තාව ඝාතනය කොට ඇති බව සඳහන්.

ඇයගේ හිස ප්‍රදේශයට උල් යකඩ ඉන්නකින් ඇන මෙම ඝාතනය සිදු කොට ඇති බව යි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක කාන්තාවක්.

ඇය දෙහෙල්ගමුව, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පැවසෙනවා.

මේ අතර මෙම ඝාතනය සිදු කොට ඇති පුද්ගලයා මානසික ආබාධයක් සහිත තැනැත්තෙකු බවට මේවන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ගොකරැල්ල පොලීසිය විසින් මේවන විටත් පරීක්ෂණ අරඹා ඇති බව යි වැඩිදුරටත් වාර්තා වූයේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 31 January 2022 14:28