May 03, 2024

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් දරු දෙදෙනාත් ඝාතනය කර සියදිවි නසාගනී

40 හැවිරිදි ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔස්ට්‍රේලියානු පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඝාතනයට ලක්වී ඇති පිරිමි දරුවාගේ වයස අවුරුදු 6ක් සහ ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4ක් බවයි.

ඝාතනයන්ගෙන් අනතුරුව පියා විසින් ගරාජයේදී සියදිවි නසාගෙන තිබෙනවා.

Rate this item
(1 Vote)