April 26, 2024

සත් මහල් ගොඩනැගිල්ලෙන් බිමට වැටුණු දරුවා මරුට

බම්බලපිටිය - ක්‍රෙට්සර් පෙදෙසේ පිහිටි සත් මහල් නිවාස සංකීර්ණයක ඉහළ මාලයෙන් බිමට ඇදවැටී දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති වයස අවුරුදු 15ක දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මෘත ශරීරය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මෙම දරුවා බිමට වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන පවත්වන බවයි උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 January 2022 22:06