April 25, 2024

ගැරඬි ඇල්ලේ විනෝද ගමන ඛේදවාචකයකින් නිම වෙයි

තරුණියන් 4 දෙනෙකු සහ තරුණයෙකු මෙලෙස අතුරුදන්ව ඇති අතර, ඉන් 22 හැවිරිදි තරුණියකගේ මළ සිරුර පසුව සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

ඔවුන් ඇටම්පිටිය - නාවෙල පාරේ පදිංචිකරුවන්.

මෙම පිරිස අද පස්වරුවේ දියනෑම සඳහා මෙහි පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

අතුරුදන්වූ පිරිස අතර තරුණියන් 3 දෙනෙකු සහ තරුණයෙකු සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් සොයා මේ වනවිට ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 29 January 2022 21:57