May 03, 2024

වාසුගෙන් බැසිල්ට දුස්රාවක් : විමල්ගෙනුත් සපෝට් එකක්

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා පොරොන්දුවක් වී තිබෙනවා.

ඒ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ලබා දීමටයි.

ඇමති කළ ඉල්ලීම

ඊට හේතු වූයේ වාසුදේව නානයක්කාර ඇමතිවරයා කළ ඉල්ලීමක්.

"රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබා දෙන්න" යැයි වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

ඊට බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දී තිබෙන්නේ මේ ආකාරයට.

මුදල් ඇමතිගේ ප්‍රතිචාරය

"දෙන්ඩ පුළුවන්.හැබැයි ඒක එලියට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.මම ඒක කැබිනට් මණ්ඩලයට දෙන්නම්."

වාසුදේව නානායක්කාර ඇමතිවරයාගේ එම ඉල්ලීමට විමල් වීරවංශ ඇමතිවරයාද තල්ලුවක් ලබාදී තිබෙන්නේ "එවැනි වාර්තාවක් ලැබෙනවා නම් හොඳයි." යැයි සඳහන් කරමින්.

ඉහත සඳහන් ඇමතිවරුන් තිදෙනා අතර මෙවන් සංවාදයක් සිදුවී තිබෙන්නේ කැබිනට් මණ්ඩල තොරතුරු එළියට දීම සම්බන්ධයෙන්ද එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී විශේෂ අවධානයක් යොමු වූ පසුබිමක් තුළයි.

Rate this item
(2 votes)
Last modified on Saturday, 29 January 2022 18:29