April 27, 2024

ආණ්ඩු පෙරළිය ස්ථිරයි! සජිත් මේ වනවිටත් අමාත්‍යංශ වලට නිලධාරින් පත් කර අවසන්

ආණ්ඩු පෙරළියක් ගැන සමගි ජන බලවේගයේ ප්‍රබලයෙකු වන  හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රංජිත් අලුවිහාරේ මහතා සඳහන් පළ කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ මෙම වසර තුළ අනිවාර්යයෙන් කුමන හෝ මැතිවරණයක් පවත්වන බවයි.

එම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව දේශපාලන පලිගැනීම් වලටට ලක් වූ සියලු දෙනාට වන්දි සහ සාධාරණය ඉටු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ රජය බලාපොරොත්තුවෙන් සිටින බවද අලුවිහාරේ මහතා පෙන්වා දුන්නා.

දඹුල්ල ප්‍රදේශයේ ඊයේ(28) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූ ජන හමුවක් අමතමින් රංජිත් අලුවිහාරේ මහතා මෙම අදහස් පළ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ සමගි ජනබලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ  වන විටත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩ වැඩපිළිවෙළ ආරම්භ කොට තිබෙන බවයි.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා දැනටමත් අමාත්‍යංශ නිලධාරීන් පත් කොට එහි වැඩපිළිවෙළ සකස් කරමින් යන බවද ඔහු හෙළිදරව් කළා.

තමන් දේශපාලන පළිගැනීමට ලක්වූවන්ගේ සභාපතිවරයා හැටියට ඉදිරියේදී ජනතාවට දේශපාලන පළිගැනීමට ලක්වූ ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවද රංජිත් අලුවිහාරේ මහතා වැඩිදුරටත්දුරටත් සඳහන් කළා.

 

Rate this item
(1 Vote)