April 27, 2024

කටකාර රාජ්‍ය ඇමති විමලවීර ෆේරියල්ගේ ගෝලයෙක් : මෙන්න විස්තරය Featured

විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මතභේදාත්මක චරිතයක්.

ඒ ඔහු බොහෝ ප්‍රශ්න වලදී ගැටුම්කාරී සිද්ධීන්ට මැදිහත් වීම සහ මතභේදකාරී ප්‍රකාශයන් කිරීම නිසා.

මතභේදාත්මක ප්‍රකාශය

දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පෙරේදා තවත් එවැනිම මතභේදාත්මක ප්‍රකාශයක් කළා.

ඒ ජනපතිවරයාට අත්දැකීම් මදි බවට.

මෙවැනි වටපිටාවකට උරුමකම් කියන විමලවීර දිසානායක මහතාගේ දේශපාලන ගමනේ ආරම්භය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කතාවක් තිබෙනවා.

ප්‍රථම නාම යෝජනාව

ඒ ඔහු මැතිවරණයකට තරග කිරීම සඳහා ප්‍රථමවරට නාම යෝජනා ලබා ගැනීම සම්බන්ධව.

දිසානායක මහතා මුල් වරට මැතිවරණයකට ඉදිරිපත් වූයේ 2000 වර්ෂයේ පැවැති මහ මැතිවරණයට.

ඒ සඳහා නාමයෝජනා ලැබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්.

එ.ජ.නි.ස ඔහුට නාමයෝජනා ලැබුණේ එම සන්ධානයෙන් ජාතික සමගි පෙරමුණට දිගාමඩුල්ල දිස්ත්‍රික්කය සඳහා ලබා දී තිබු නාමයෝජනා කෝටාවෙන්.

පළමු මන්ත්‍රී ධූරය

ජාතික සමගි පෙරමුණේ නායිකාව ෆේරියල් අෂ්රොෆ් මහත්මියයි.

එය ඇගේ සැමියා වූ දිවංගත ඒ.එච්.එම් .අස්රොෆ් මහතා නිර්මාණය කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් කැඩී නිර්මාණය වූ මුස්ලිම් පක්ෂයක්.

2000 මහ මැතිවරණයේදී ජාතික සමගි පෙරමුණ නියෝජනය කරමින් එ.ජ.නි.ස යෙන් තරග කළ දිසානායක මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වූවා.

එහෙත් එම ආණ්ඩුව 2001 වර්ෂයේදී එස්.බී.දිසානායක මහතා ඇතුළු පිරිසක් මුල් වී පෙරළා දැමීමේ හේතුවෙන්ම විමලවීර දිසානායක මහතාගේ එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර කාලය සීමා වුණේ වසරකට පමණයි.

තමා ෆේරියල් අෂ්රොෆ් මහත්මියගේ ගෝලයෙකු බව දිසානායක මහතා කිසි දිනකත් කියා නැහැ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 22 January 2022 11:34

Related items