April 28, 2024

ජනපතිගේ අලියා ඉන්න තැන රාජ්‍ය ඇමති හෙළි කරයි

September 22, 2021

මතභේදයට තුඩු දී ඇති ජනපතිවරයා සතු අලියා පිළිබඳව තොරතුරු පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා.

එම හෙළිදරව්ව කළේ විෂය භාර වන ජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින්.

ප්‍රදානයකින් ලැබුණු අලියා

මිරිහානේ එන්.ජී.රාජපක්ෂ නමට නිදහස් කල අලියා ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයාට ප්‍රදානයකින් ලැබුණු අලියකු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම අලියා මේ වන විට සිටින්නේ ජනපතිවරයාගේ මිරිහානේ නිවසේ නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

දෙණියායේ පන්සල

එම අලියා මේ වන විට දෙනියායේ පන්සලකට පූජා කර ඇති බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

අද (22) උදෑසන සිටම පාර්ලිමේන්තුවේ පැවති විවාදවලදී විටින් විට ජනපතිවරයාගේ අලියා ගැන විපක්ෂය කරුණු ඉදිරිපත් කරමින් ප්‍රශ්න කලා.

ඒ අතුරින් මෙම අලි ප්‍රශ්නය ගැන ජාතික ජන බලවේගය නියෝජනය කරන අනුර කුමාර දිසානායක මහතා සවිස්තරාත්මක හෙලිදරව්වක්ද කලා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 September 2021 21:45