රිදියගම සෆාරි උද්‍යානයේ ''ලාරා'' නැමති සිංහ ධේනුව විසින් බිහි කළ පළමු සිංහ පැටවා වන ''ඩෝරා'' නමැති සිංහ පැටවා ඊයේ (18) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියා.
රිදියගම සෆාරි උද්‍යානයේ මේ වන විට සිංහයින් 15 දෙනෙකු සිටින අතර ඉන් රිදියගම සෆාරි උද්‍යානයේම ඉපදුන සිංහ පැටවූ 08 දෙනෙකු සිටිනවා.
නමුත් මෙසේ ඉපදුනු සිංහ පැටවුන්ගෙන් ''සහරා'' නමැති සිංහ දේනුව බිහි කළ සිංහ පැටවා හා "ලාරා '' නැමති සිංහ ධේනුව බිහි කළ සිංහ පැටවා හට සිංහ ධේනුව විසින් ටික දිනකින් කිරි දීමෙන් වැලකි සිටීම හේතුවෙන් පැටවුන් බලා ගැනීමට සිදු වී ඇත්තේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටයි.
කෙසේ නමුත් ''සහරා'' නමැති සිංහ ධේනුවට ඉපදුනු පැටවා පෝෂණය කිරීම සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යාන වෙත භාර දී තිබුණත් ''ලාරා''ට ඉපදුනු සිංහ පැටවා රැක බලාගෙන ඇත්තේ රිදියගම සෆාරි උද්‍යානයේ නිලධාරීන්.
2021.07.26 වනදා ''ලාරා'' බිහි කළ ඩෝරා නමැති සිංහ පැටවා හට මාස 4 1/2 ක් පමණ වන බැවින් ඊයේ (18) සිට මහජන ප්‍රදර්ශනය වෙත තබා තිබෙනවා.
කෙසේ නමුත් ''ඩෝරා'' රංචුවකට එක්කිරීමට තරම් සුදුසු තත්වයකට පැමිණෙන තෙක් හුදකලාව තබන බවද සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියා.
"මේ ලාරා කියන සිංහ පැටවා අපි ගෙනාවේ සත්ව හුවමාරු වැඩසටහනකට අනුව 2015 වර්ෂයේදී චීනයේ කීමලෝන් සෆාරි උද්‍යානයෙන්. දැන් උගේ වයස අවුරුදු 08ක් විතර වෙනවා .ඒ සිංහ ධේනුවගේ පළමු පැටියා තමයි ඩෝරා." යනුවෙන් ඒ මහතා කියා සිටියා.
"මේ "ඩෝරා" නැමති ගැහැණු සිංහ පැටවා අපිට සුවිශේෂීයි. මොකද රිදියගම සෆාරි උද්‍යානයේම කණ්ඩායම විසින් තමයි මේ පැටවා ඇති දැඩි කරගෙන තියෙන්නේ. නමුත් අපි නරඹන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ ''ඩෝරා'' සුරතල් සතෙක් නොවෙයි. ඒ නිසා එයාව අල්ලන්න හුරතල් කරන්න අපිට අවස්ථාව දෙන්න විදියක් නෑ. නමුත් ''ඩෝරා'' බලන්න පුළුවන්.'' ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශර්මිලා රාජපක්ෂ මහත්මිය කියා සිටියේ.
මිට අමතරව 2020.11 17 දා ද වයස අවුරුදු නවයක් පමණ වන "ෂිනා'' නැමති සිංහ ධේනුව විසින් ද සිංහ පැටවුන් දෙදෙනෙකු බිහිකර තිබෙනවා.
"ෂිනා'' නැමති සිංහ ධේනුව වයස වුරුදු 02දි පමණ ජර්මනියේ සිට රැගෙන විත් දෙහිවල සත්වෝද්‍යානයේ වයස අවුරුදු 04ක් පමණ වන තෙක් සිට පසුව රිදියගම සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් තිබෙනවා.