May 03, 2024

අනිත් මෛත්‍රීත් එලියට : කෘතිම නායකයන් හැදුවොත් රටත් ජනතාවත් වලපල්ලට යන බව කියයි

මේ වන විට මෛත්‍රීලා දෙදෙනෙක්ම ආණ්ඩු විරෝධී ගමනක් ආරම්භ කොට තිබෙනවා.

ඉන් එක් අයෙක් වන්නේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතායි.

අනිත් මෛත්‍රී

අනිත් මෛත්‍රී වන්නේ හිටපු මධ්‍ය මහා ඌව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතායි.

මෛත්‍රී ගුණරත්න මහතාද මේ වන විට ආණ්ඩු විරෝධී ගමනක් ආරම්භ කොට තිබෙනවා.

ජනතාව තලා පෙලා දමන වත්මන් ආණ්ඩුව හැකි ඉක්මනින් පලවා හැරීම සඳහා ජනතාව පෙළ ගැස්වීම වැඩ පිළිවෙලක ඔහු මේ වන විට නිරතව සිටිනවා.

ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ මහ ලේකම්වරයාද වන මෛත්‍රී ගුණරත්න මහතා කරුණු හෙළිදරව් කළා.

දේශපාලකයා කල යුතු දේ

ඔහු සඳහන් කරන්නේ මේ රටේ දේශපාලකයන් මුකුත්ම නොකර හිටියත් රට සංවර්ධනය කරන්න පුළුවන් බවයි.

ඒ සඳහා දේශපාලනඥයින් විසින් කළ යුතු දෙයක් පිළිබඳවත් ඔහු මතක් කර දෙනවා.

ඒ මහජන මුදල් හොරකම් නොකර සිටීමයි.

ගුණරත්න මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ රටේ අනාගතය ගොඩ නැඟිය හැක්කේ ආණ්ඩුව රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් තව දුරටත් ජනතාවට බොරු නොකියා සත්‍ය පැවසීමෙන් පමණක්ම බවයි.

රට සාර්ථක ගමනක් යෑමට නම් නායකයන් ජනතාව අතරින් බිහි දිය යුතු බවද පෙන්වා දෙන ඔහු කෘතිම නායකයන් නිර්මාණය කර ඔවුන්ට බලය ලබා දීමෙන් රටත් ජනතාවත් දවසින් දවස වලපල්ලට යන බවයි සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 January 2022 06:41