April 26, 2024

(EXCLUSIVE) "මම තාම වැඩ" - පොත්ත සුදුයි කී ඇමැතිට ශර්මිලාගෙන් උත්තර

තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වී හෝ ඉවත් කර නොමැති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඒෂියන් මිරර් වෙත පැවසුවා.

ඇය සඳහන් කරන්නේ තමා පත් කළේ අමාත්‍ය මණ්ඩලය බැවින් තමා වගකිව යුත්තේ අමාත්‍ය මණ්ඩලයට බවත් ඉවත් කළ හැක්කේ අමාත්‍ය මණ්ඩලයට බවත්ය.

කිසිවිටක අමාත්‍යවරයාට හෝ අමාත්‍යංශ ලේකම්වරයාට තමන්ව ඉවත් කළ නොහැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

තමා කිසි විටකත් නිල රථ භාර දීමක් සිදු කර නොමැති බවත් තමවත් අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන බවත් සඳහන් කර සිටියා.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්තියක් පළ කර තිබුණේ වනජීවී හා වන සම්පත් කැබිනට් අමාත්‍ය සී.බී.රත්නායක මහතා විසින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඉවත් කර ඇති බවයි.

එමෙන්ම අමාත්‍යංශයේ නියෝග නොතකා දිගින් දිගටම කටයුතු කරන බැවින් ඇයගේ නිල කාමරය මුද්‍රා තැබීමටත්, නිල රථය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමටත් කටයුතු කරන ලෙසට අමාත්‍යංශය වෙත ඇමතිවරයා නියෝග කර තිබෙන බවත් එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වුණා. 

ජනමාධ්‍යවලින් තමන්ට සහාය දෙන්නේ තමන්ගේ පොත්ත සුදු නිසා බව විෂය භාර අමාත්‍යවරයා පැවසුවේ යැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කර තිබුණා.

ශර්මිලා මාධ්‍ය හමුවේදී හඩා වැටෙයි : "ඔයාගේ පොත්ත සුදුයි" ඇමැති මුණටම කියලා

Rate this item
(3 votes)
Last modified on Friday, 25 March 2022 15:35