May 02, 2024

විමල්-උදය-වාසුගේ පක්ෂ 11 විකල්ප කල්ලිය නන්නත්තාරයි : කටවල් ලොක් වෙයි Featured

විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් ගොඩ නැගූ පක්ෂ 11 විකල්ප කණ්ඩායම මේ වන විට කිසිවක් කර කියා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ ජනපතිවරයා සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සම්බන්ධයෙන් ගත් තීන්දුව හේතු කොටගෙන.

අනාගතය අවිනිශ්චිතයි

පොදු ජන පෙරමුණ සන්ධානයේ සන්ධානගත පක්ෂ 11ක එකමුතුවකින් සැදුණු එම සංවිධානයේ අනාගතය මේ වන විට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමේ චෝදනාව මත ජනපතිවරයා මේ වර්ෂයේ මුලදීම සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාව ඔහු දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කලේ ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන අන් අයටද පණිවිඩයක් දෙමින්.

ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමට නොහැකි බවත් ආණ්ඩුව විවේචනය කිරීමට අවශ්‍ය නම් ඒ අවශ්‍යතාවය තිබෙන අය ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට ගොස් ඒ කටයුත්ත කරන ලෙසටයි ජනපතිවරයා ආණ්ඩු පක්ෂයට ලබා දුන් පණිවිඩය වූයේ.

දැඩි නිහඬ පිළිවෙත

සුසිල් ප්‍රේමජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කළ පිරිස් දැඩි නිහඬ පිලිවෙතකට අවතීර්ණ වී තිබෙන බව ඉතා පැහැදිලියි.

සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සිද්ධියෙන් පසුව සන්ධානගත පක්ෂ 11 කණ්ඩායමේ නියෝජිතයන් ආණ්ඩුව විවේචනය කරන ප්‍රකාශ කිසිවක් කළේ නැහැ.

පොදු ජන පෙරමුන සන්ධානයට අයත් නොවන එහෙත් ආණ්ඩුවට සහාය දෙන අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පමණක් යම් ප්‍රමාණයකට ජනපතිවරයාගේ කාබනික පොහොර ප්‍රතිපත්තිය විවේචනය කර තිබුණා.

පක්ෂ 11 සන්ධාන ගත කණ්ඩායමේ සිටින ප්‍රධානම පාර්ශවයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටිනවා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 12 January 2022 23:27