May 01, 2024

සිරිසේන කොයි වෙලාවේ හරි පනිනවා : ලියලා තියා ගන්න - රාජ්‍ය ඇමති අනතුරු අඟවයි

මෛත්‍රිපාල සිරිසේන මහතා කොයි මොහොතේ හෝ මේ ආණ්ඩුවට පොල්ල තබා පැන යන බවට අනතුරු ඇඟවීමක් රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා විසින් කරනවා.

තමා කියන මේ කාරණය ලියා තබා ගන්නා ලෙසටත් ඔහු ඉල්ලීමක් කරනවා.

ආණ්ඩුවට එරෙහි චෝදනාව

මෛත්‍රිපාල සිරිසේන මහතාට ආණ්ඩුවට එරෙහිව කිරීමට ඇති එකම චෝදනාව ඔහුව බේරාගෙන සිටීම බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඒ කුමන සිද්ධියකින්දැයි සඳහන් කරන්නේ නැහැ.

සිරිසේන මහතාව ආරක්ෂා කිරීම මේ ආණ්ඩුව කරන ලොකුම වැරැද්ද බව තමා හැමදාමත් කියලා බව අවධාරණය කරන රාජ්‍ය අමාත්‍යවරයා ඒ නිසා බොහෝ අය ආණ්ඩුවත් සමග තරහා වන බවයි අනාවරණය කරන්නේ.

ඒ නිසා සිරිසේන මහතා අරඹයා කල යුතු අවශ්‍ය දේවල් ටික ජනපතිවරයා වැඩිකල් යාමට පෙර කරනු ඇති බවටයි රාජ්‍ය අමාත්‍යවරයා ඉඟි පළ කරන්නේ.

ආණ්ඩුවට තර්ජනයක් නෙවෙයි

සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීම ආණ්ඩුවේ පැවැත්මට කිසිදු බලපෑමක් නොවන බවයි ඔහුගේ මතය වන්නේ.

සිරිසේන මහතා ආප්ප කා පැනලා ගියාට පසු අලුත් පක්ෂයක් හදා තුනෙන් දෙකක බලයක් ඇති ආණ්ඩුවක් හදාගත් එකේ ඉතුරු ටික කිරීමට මේ පිරිස අවශ්‍ය නැති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මාධ්‍ය අමතායි.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 January 2022 13:39