May 01, 2024

හිටපු ජනපති ප්‍රහාර මාලාව අරඹයි : එදා ඇහුවා දැන් සනීපද කියලා - දැන් රටම අසනීපයි

අද වන විට රටම අවුල් හා අසරණ වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

රටක් කිරීම නායකයෙකුට තනියෙන් කිරීමට නොහැකි බවද හිටපු ජනපතිවරයා වත්මන් පාලකයන්ට මතක් කර දෙනවා.

කණ්ඩායමක අවශ්‍යතාවය

රටක් කිරීමට නම් පාලකයාට කණ්ඩායමක් සිටිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමා රට පාලනය කරද්දී තමා වෙනුවෙන් කතා කිරීමට ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු නොසිටි බවද මතක් කර දෙන සිරිසේන මහතා එහෙත් තමා කිසි විටෙකත් රට අද තිබෙන ආකාරයේ අර්බුදයකට ඇද දැමූ නැති බවයි අවධාරණය කරන්නේ.

2015 තමා ජනපති ධුරය භාරගැනීමෙන් පසු ඊට කලින් තිබූ මිලටත් වඩා අඩුවෙන් බඩු ලබාදුන් බව සඳහන් කරන හිටපු ජනපතිවරයා තම පාලනය යටතේ රු. 2 කින් තෙල් මිල වැඩි කළ විට පොහොට්ටුවේ නායකයින් මීට විරුද්ධව කොටුවෙ සිට පාර්ලිමේන්තුවට බයිසිකල් පැද්ද අයුරුද පෙන්වා දෙනවා.

ඒ අතරට පොල් බෑය , ලූනු ගෙඩිය පෙන්නලා සැපද ඇහු බව අවධාරණය කරන සිරිසේන මහතා දැන් මුළු රටටම අසනීප බවයි අනාවරණය කරන්නේ.

කඩකල පොරොන්දුව

ජනපතිවරණයට පෙර ශ්‍රී.ල.නි.පය නැතිව දිනන්න බැහැ කියා ගිවිසුම් ගැසූ මේ ආණ්ඩුවේ අය ජනපතිවරණය ජයගැනීමෙන් පසු සතියක් යෑමටත් මත්තෙන් එම ගිවිසුම කඩ කළ බවට ජනපතිවරයා චෝදනාවක්ද කරනවා.

සන්ධාන ගිවිසුමේ ඇති කිසිදු කාරණයක් අද වෙනතුරු ගෙවුණු වසර 2 ක තුළ ඉටු කර නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හිටපු ජනපතිවරයා මෙම අදහස් පළ කළේ මාතර දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප සමුළුවට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 January 2022 13:34