May 02, 2024

සජිත් පිලේ රැස්වීමේ තොරතුරු මාධ්‍යයට දීම ගැන දෙදෙනෙකු ගැන සැක

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේගය කළමනාකරණ කමිටු රැස්වීමේ සිද්ධීන් අකුරක් නෑර මාධ්‍ය වෙතට යෑම පිළිබඳව සොයා බැලීමක් සිදු කරන බව දැනගන්නට තිබෙනවා.

එම කළමනාකරණ කමිටු රැස්වීමේදී පක්ෂ සභාපති සරත් ෆොන්සේකා , කබීර් හෂීම් , ආචාර්ය හර්ෂ ද සිල්වා , එරාන් වික්‍රමරත්න , මනුෂ නානයක්කාර සහ අජිත් පී පෙරේරා යන මහත්වරුන් ඉතා දැඩි ලෙස අදහස් ප්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.

ඉලක්කය නායකයා හා ලේකම්

ඔවුන් එහිදී ඉලක්ක කොට තිබෙන්නේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එම රැස්වීමේ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීම සම්බන්ධයෙන් එම රැස්වීමට සහභාගි වූ දෙදෙනෙකු පිළිබඳව සමගි ජන බලවේගය ඉහළ නායකත්වයන් සැක කරන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ඉන් එක් අයෙක් වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මතභේදාත්මක ප්‍රකාශ කරන දකුණු පළාතේ තරුණ මන්ත්‍රීවරයෙකු බවටත් අනිත් තැනැත්තා බස්නාහිර පළාත නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවටයි සැක කෙරෙන්නේ.

මහ ලේකම් මතය

මේ සම්බන්ධයෙන් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පක්ෂයේ මාධ්‍ය කමිටු රැස්වීමේ අවධානයද යොමු කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද ඇති කිරීමේ අරමුණින් අදාල සාකච්ඡාවේ තොරතුරු මාධ්‍ය වලට දී ඇති බවයි.

එය වැරැද්දක් බවටයි මහ ලේකම්වරයා එහිදී පෙන්වා දී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 10 January 2022 18:32