May 06, 2024

භික්ෂූන් පිරිසකටත් ප්‍රභූ ආරක්ෂාව - විශේෂ බලකා සභාපති හිමිත් ඒ අතර

December 26, 2021

එක රටක් එක නීතියක් නිර්මාණය කිරීම සඳහා වූ ජනපති විශේෂ කාර්ය සාධන බලකායේ සභාපති හිමිනමට ප්‍රභූ ආරක්ෂාව ලබාදී ඇති බව වාර්තා වනවා.

එම තනතුර දරන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්.

ජනපති සමාව

උන් වහන්සේ ජනපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ අධිකරණයෙන් වරදකරුවෙක් වූවෙක්.

ඒ හැරුණු කොට තවත් මෙරට ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා පිරිසකටද ප්‍රභූ ආරක්ෂාව ලබා දී තිබෙනවා.

එම සංඛ්‍යාව 14 ක්.

දෙකේ සිට පහ දක්වා

එම භික්ෂූන් වහන්සේලාට ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනකුගේ සිට පස් දෙනෙකු දක්වා සංඛ්‍යාවක් ලබා දී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

මේ ප්‍රභූ ආරක්ෂකයින් සඳහා මූල්‍ය ප්‍රතිපාදන හා අවශ්‍ය පහසුකම් සැපයෙන්නේ මහජන බදු මුදලින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 01:13

Related items