May 03, 2024

ඥානසාර හිමිගේ අලුත්ම කතාව: මට බනින්න හිතුනම බනිනවා - ඒක සමාජගත කිරීම කුමන්ත්‍රණයක්

December 10, 2021

හිමිනම දෙනමකට දුරකථනය හරහා අසභ්‍ය වචනයෙන් බැණ වැදීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥනසාර හිමි සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා.

තමන්ට කෙනෙකුට බනින්න උවමනා නම් බනින බව උන් වහන්සේ සදහන් කරන්නේ එය තමාගේ ස්වභාවය බවද මතක් කර දෙමින්.

බැනිල්ල පුද්ගලික කාරණයක්

එනිසා එය පුද්ගලික කාරණාවක් බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

මේ සියලු දේවල් සැලසුම් සහගතව සිදු වන බවද සඳහන් කරන උන් වහන්සේ මුහුණු පොත හෝ යූටියුබය, පොලිසිය හෝ අධිකරණය නොවන බවද පෙන්වා දෙනවා.

ඉස්ලාම් අන්තවාදීන් හා ක්‍රිස්තියානි මූලධර්මවාදීන් ලෙස භික්ෂූන් වහන්සේලාම ගොඩ නැංවීමට ඇතැම් කොටස් ක්‍රියා කරන බවත් උන්වහන්සේ හෙළිදරව් කරනවා.

අන්තවාදීන්ගේ වැඩක්

ඒ හරහා අන්තවාදය නැති කිරීමට කටයුතු කරන තමන් වහන්සේලා ඇතුළු පිරිස් අන්තවාදීන් ලෙස හංවඩු ගසන බවටයි ඥානසාර හිමියන් චෝදනා කරන්නේ.

ඒ නිසා මේ සම්බන්ධයෙන් කවුරුත් කලබල විය යුතු නැති බවද උන් වහන්සේ අවධාරණය කරනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ඉතා ජනප්‍රිය ගුවන් විදුලි සේවයක් සමග කළ සාකච්ඡාවකදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

"දේශපාලන භික්ෂුව" නම් සංකල්පයක් සමාජගත කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් මිණිපුර තපෝවනවාසී පූජ්‍ය රතන හිමියන්ට සහ පූජ්‍ය කිරුළපන ධම්ම විජය හිමියන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු දුරකථන සංවාද ඇතුළත් හඬ පට මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල දකින්නට ලැබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 10 December 2021 10:44

Related items