May 02, 2024

ඥානසාර හිමි කාන්තන්කුඩියට - මුස්ලිම් පල්ලිවලටත් ඇතුළු වෙයි (PHOTOS)

December 06, 2021

“එක රටක්, එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය  සාධක බලකායට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් සහ ඉහළ පිළිගැනීමක් හිමිවිය.

“එක  රටක් එක නීතියක්” වෙනුවෙන් මහජන අදහස් විමසීම පෙරේදා (04) මඩකළපුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී ආරම්භ කෙරිණ.

ස්වාමීන්වහන්සේ, පූජකවරු, වෘත්තිකයන්, සමාජ ක්‍රියාකාරීන් දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳව අදහස් දැක් වූහ. යෝජනා වාචිකව හා ලිඛිතව කමිටුවට ඉදිරිපත් කෙරිණ.

“එක රටක් එක නීතියක්” සඳහා වන ජනාධිපති කාර්ය  සාධක බලකාය අදහස් ගැනීමට නැගෙනහිරට ද  පැමිණීම පළාතේ ජනතාවට දැක්වූ  ගෞරවයක් ලෙස  සලකන බව ඔවුන් ප්‍රකාශ කළා.

බදුරියා ජුම්මා පල්ලිය - කාත්තණ්කුඩිය - 06, කල්මුණේ පල්ලිය සහ කඩට්කරයි පල්ලිය ඇතුළු ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන කීපයක් වෙත කාර්ය සාධක බලකායේ සාමාජිකයන් කැඳවාගෙන ගොස්, සුහදව අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා. එහිදී විශේෂ ආගමික වතාවත් සිදු කරමින් ආශිර්වාද පළ කිරීම ද සිදු කෙරිණ.

මෙහිදී අදහස් දැක්වූ කාර්ය සාධක බලකායේ සභාපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටලුවලට විසඳුම් දීමට වත්මන් ජනාධිපතිවරයා අවංක උත්සාහයක නිරත වන බවයි.

සැබෑ සාමයක් සංහිඳියාවක් අපේක්ෂා කරන බෞද්ධ භික්ෂූන් වහන්සේ, දමිල ස්වාමිවරු, මුස්ලිම් මවුලවිවරු, ක්‍රිස්තියානි පියතුමන්ලා ඇතුළු සියලු ආගමික නායකයන් එක්ව එක රටක් එක නීතියක් ඉල්ලා මේ අවස්ථාවේ පෙරමුණ ගත යුතු බව ද උන්වහන්සේ පැවසුවා.

අද අප විඳින දුක් වේදනා අනාගත දරු පරපුරට උරුම නොකළ යුතු බව ද ඥානසාර හිමියෝ අවධාරණය කළා.

ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්  විවිධ පාර්ශ්වයන් දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය, මහජන අදහස් විමසීම උතුරු පළාතෙන් ආරම්භ කළා. 

අනතුරුව දින  තුනක් තිස්සේ පැවති නැගෙනහිර පළාතේ අදහස් විමසීම අදින් අවසන් වෙයි. ඉදිරියේ දී ඉතිරි පළාත්වල ජනතා අදහස් විමසීමට නියමිතය.

Rate this item
(0 votes)

Related items