May 06, 2024

මම මේ ආණ්ඩුවට කඩේ යනව නෙමෙයි කියමින් ඥාණසාර හිමිගෙන් සජිත් පිලට හා ජවිපෙට දරුණු ප්‍රහාරයක්

සහරාන්ලට කලින් සජිත් ප්‍රේමදාසගේ ගෝලබාලයන් ටික සහ ජනතා විමුක්ති පෙරමුණේ බූරු පුත්තු ටික පුනරුත්ථාපනය කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරය ප්‍රශ්නය හරියට කියවා නොගන්නා මේ දෙපාර්ශවයට අමතරව පොදුජන පෙරමුණේද ඔලමොට්ටලයන් පිරිසක් සිටින බවද උන්වහන්සේ පෙන්වා දෙයි.

හරිනම් සජිත් ප්‍රේමදාසගේ සහ ජවිපෙ මේ පිරිස අත්අඩංගුවට ගත යුතු බව පෙන්වාදෙන උන්වහන්සේ රට ප්‍රජාතන්ත්‍රවාදී බැවින් එය කළ නොහැකි බවද සදහන් කරන අතර මේ කාරණා හෙළිදරව් කිරීම මත තමන් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් කරන බවට චෝදනා එල්ලවීමට හැකි බවද අවධාරණය කරයි.

එනිසා සජිත් ප්‍රේමදාසගේ සහ ජවිපෙ පිරිස පාර්ලිමේන්තු යැවීමට පෙර පුනරුත්ථාපනය කළ යුතු බවට උන්වහන්සේ යෝජනාවක්ද කරයි.

සහරාන්ගේ පිරිස කොහොමත් පුනරුත්ථාපනය වී ඇති බව පෙන්වා දෙන උන් වහන්සේ දැන හෝ නොදැන ඒවාට උඩගෙඩි දෙන සජිත් ප්‍රේමදාසගේ සහ ජවිපෙ පිරිස පුනරුත්ථාපනය කිරීම වැදගත් බව පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාසගේ ගෝලබාලයන් දෙදෙනෙකු ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අඩි උස්ස උස්සා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් දන්නා බව ප්‍රකාශ කළ ආකාරයද උන්වහන්සේ සිහිපත් කරයි.

"පාස්කු ප්‍රහාරයට වසර දෙකයි.මහ මොළකරුවන් නිදැල්ලේ. යුක්තිය ඉටු කරනු" මැයෙන් ජවිපෙ විසින් දියත් කොට තිබෙන පෝස්ටර් ව්‍යාපාරයක් පිළිබඳවද අදහස් දක්වමින් උන් වහන්සේ සඳහන් කළේ ජවිපෙ හිතන් ඉන්නේ ඔවුන් මහා බුද්ධිවන්තයින්, මහදැනමුත්තන් බවත් එහෙත් දන්න බම්බුවක් නැති බවද කට උල් කර කර බොරු කීම හැර වෙන කරන දෙයක් නැති බවද පෙන්වා දෙයි.

ජාමයිත් ඉස්ලාම් සංවිධානය තහනම් කරන්න කලින් ජවිපෙ වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලිය යුතු බව පෙන්වා දෙන උන්වහන්සේ ජවිපෙ කිසිදිනක මූලධර්මවාදය මූලධර්මවාදය විදිහටවත්, අන්තවාදය අන්තවාදය විදිහටවත්, ත්‍රස්තවාදය ත්‍රස්තවාදය විදිහටවත් දකින්න ඉඩ නොදුන් බවත් ඊට වෙනත් අර්ථකථන දුන් බවටද චෝදනා කරයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම අදහස් පළ කළේ මීට වසර දෙකකට පෙර එල්ල වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 April 2021 16:21

Related items