May 03, 2024

මීලඟ ජනපති වෙන්න දැනට 9 ක් පෝලිමේ Featured

December 23, 2021

මීළඟ ජනපති වීමේ සිහිනයේ සිටින 9 දෙනකු පිළිබඳව තොරතුරු හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා හෙළිදරව් කර තිබෙනවා.

ඒ ඔහු හා හිටපු තවත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකු වන අසාත් සාලි , කීර්ති තෙන්නකෝන් සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ශිරාල් ලක්තිලක හා ගුණරත්න වන්නිනායක ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිසක් සමග පැවති සාකච්ඡාවේදී.

එජාප නියෝජිත පිරිස

එම සාකච්ඡාවට එ.ජා.ප ය පාර්ශවයෙන් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන , සභාපති වජිර අබේවර්ධන සහ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හා සහභාගි වූවා.

එම සාකච්ඡාවේදී ගුණරත්න මහතා හෙළි කළ අනාගත ජනපති වීමේ සිහිනයේ සිටින පිරිස මෙසේයි.

සජිත් ප්‍රේමදාස , රනිල් වික්‍රමසිංහ , චම්පික රණවක , සරත් ෆොන්සේකා , රාජිත සේනාරත්න , කුමාර වෙල්ගම , අර්ජුන රණතුංග , කරු ජයසූරිය හා අනුර කුමාර දිසානායක යන මහත්වරුන්.

සිහිනයේ අනාගතය

එම මහත්වරුන්ගේ ජනපති සිහිනය බොඳ කරන්නට හෝ මල්ඵල ගන්වන්නට තමන්ට අවශ්‍යතාවයක් නැති බව ගුණරත්න මහතා එහිදී සඳහන් කර තිබෙන්නේ පුද්ගල නාම වලට වඩා පොදු වැඩ පිළිවෙලක අවශ්‍යතාවය හා වැදගත්කම පෙන්වා දෙමින්.

පොදු වැඩපිළිවෙළක් නොමැතිව ඉදිරියට යා නොහැකි බවයි එහිදී ගුණරත්න මහතා එ.ජා.ප නියෝජිත පිරිස අමතා සඳහන් කර තිබෙන්නේ.

මීළඟ ජනපතිවරණය 2024 පැවැත්වීමට නියමිතයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 23 December 2021 10:17

Related items