May 22, 2024

සමාජ මාධ්‍යයේ අලුත් සෙල්ලමක් - 7 කල්ලිය ගැන තොරතුරු එළියට

December 22, 2021

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක රැදී සිටිමින් කූඨ ජාවාරම්වල නිරතව සිටිය දී අත්අඩංගුවට ගත් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම පිළිබද මේ වන විට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති ඇති බවයි වැටලීම සිදු කළ වලාන දූෂණ මර්දන ඒකකය සඳහන් කළේ.

නයිජීරියානු ක්‍රමයට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් කූඨ ජාවාරම්වල නිරත වී ඇති අතර එමගින් උපයා ගත් මුදල රුපියල් කෝටි ගණනක් බවද අනාවරණය වී තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් අදාළ හෝටලයේ කාමර දෙකක නවාතැන් ගෙන සිට ඇති අතර ඒ සදහා දිනකට රුපියල් ලක්ෂය බැගින් ගෙවා ඇති බවට ද අනාවරණ වුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතු ව තිබී බැංකු ගිණුම් පොත් 21ක්, ATM කාඩ්පත් 58ක් සහ මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගෙන තිබෙනවා.

තරුණ තරුණයින් ඇතුළු බොහෝදෙනා  මේ වන විට සමාජ මාධ්‍ය භාවිතා කරනවා. ඒ අතර වංචනික මෙවැනි කූඨ ජාවාරම්වලට හසුවෙන ප්‍රමාණය ද දිනෙනේ දින ඉහළ යමින් පවතිනවා. ඒ නිසා පොලිසිය සහ ආරක්ෂක අංශය පවසන්නේ ඒ පිළිබඳව දැඩිව විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි. 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 19:33