May 01, 2024

පයාගල වෙරළට හදිසියේ ගුවන් යානයක් ගොඩබස්සවයි

December 22, 2021

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේම උතුරු පයාගල වෙරළට ගොඩබස්වා තිබෙනවා.

එම ගුවන් යානය සිවිල් ගුවන් සමාගමට අයත් යානයක් බව මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

යානයේ ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් යානය වෙරළ තීරයට ගොඩ බස්වා ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ යානයේ දෙදෙනෙකු පියාසර කරමින් සිට ඇති අතර මෙම හදිසි ගොඩබෑම හේතුවෙන් ඔවුන්ට හෝ යානයට හානියක් සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් මේ වනවිට එම ස්ථානයට පැමිණ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Rate this item
(0 votes)