April 30, 2024

වැඩිමහල් සොයුරාගේ කැති පහරින් බාල සොහොයුරා මරුට (PHOTOS)

December 22, 2021

වැඩිමහල් සහෝදරයා විසින් තම බාල සහෝදරයාට කැත්තකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පනාමුර පොලිස් වසමේ ඕමල්පේ, වම්බොටුයාය 216/3 ගල්කන්දගොඩ ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රී 7.10ට පමණ මෙම ඝාතනය සිදුව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අලකොලදෙනියගේ කුමාරදාස (45) යන පස්දරු පියෙක්.

සහෝදරයන් දෙදෙනා අතර මියගිය අයගේ මවගේ නිවසේදී බහින්බස්වීමක් සිදුව ඇති අතර  එහිදී වැඩිමහල් සහෝදරයා විසින් තම බාල සහෝදරයාට කැත්තකින් හිසට සහ බෙල්ලට පහරදී ඝාතනය කර තිබෙනවා. නිවසේදී මෙම සිදුවීම සිදුව ඇති අතර පසුව අසල ඇති කොන්ක්‍රීට් මාර්ගයට ඇදගෙන ගෙනත් දමා ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ වන විට සැකකරු පනාමුර පොලීසියට බාර වී ඇති අතර ඝාතනය සදහා භාවිතාකල ආයුධය මේ වන විට පොලිස් භාරයට ගෙනන ඇති බවත් ඇඹිලිපිටිය ස්ථානීය අපරාධ විමර්ෂන පොලිස් නිළධාරීන් හා පනාමුර පොලීසිය එක්ව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

(ඇඹිලිපිටිය - ප්‍රගීත් ජනක)

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 15:05