May 11, 2024

මීරිගම සිට අධිවේගයට යන්න අතුරු මාර්ගයක්

December 22, 2021

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දැනට ඉදිකිරීම් අවසන් කර ඇති ප්‍රධාන අන්තර් හුවමාරුව ලෙස සැලකෙන මීරිගම අන්තර් හුවමාරුව වෙත පිවිසෙන පිවිසුම් මාර්ග වල ඉදිකිරීම් කටයුතු වල වර්ථමාන තත්ත්වය පිලිබදව සොයා බැලීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(22) එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

මීරිගම - කුරුණෑගල අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව මීරිගම නගරයේ ඇතිවන දැඩි වාහන තදබදයට පිලියමක් ලෙස මීරිගම නගරයේ සිට අන්තර්හුවමාරු මධ්‍යස්ථානය දක්වා අතුරු මාර්ගයක් ඉදිකිරීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය මෙම නිරීක්ෂණය චාරිකාවේදී යොමු වී තිබෙනවා.

එමෙන්ම මීරිගම නගරයේ රථවාහන ගාල් කිරීම සදහා රථවාහන ගාල ඉදිකරන ප්‍රදේශයද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

Rate this item
(3 votes)

Related items