May 04, 2024

ලිට්‍රෝ සභාපති කලකට පසු මාධ්‍ය ඉදිරියට : ඇමති ජොනීට ලුණු ඇඹුල් ඇතුවම පිළිතුරු දෙයි

December 22, 2021

තමාට දිනකට දුරකතන ඇමතුම් 1000කට වඩා එන බව මතභේදාත්මක ලිට්රෝ ගෑස් සභාපති තෙසර ජයසිංහ මහතා පවසනවා.

තමාගේ දුරකථනයෙන් නම් සඳහන් අයට පමණක් ප්‍රතිචාර දක්වන බව සඳහන් කරන සභාපතිවරයා නොදන්නා හැමෝගෙම ඇමතුම්වලට පිළිතුරු දීමට තමාට වේලාවක් නැති බවත් සඳහන් කරනවා.

දුරකථන ඇමතුම් චෝදනාව

එසේ එන සෑම දුරකථන ඇමතුමකටම ප්‍රතිචාර දැක්වීමට ගියහොත් තමාට වෙන වැඩක් කිරීමට වේලාවක් නොමැති බවද සඳහන් කරන සභාපතිවරයා තමා සභාපතිධූරයේ රාජකාරි අවසන් වී නිවස බලා යන්නේ රාත්‍රී 12 පසුවී බවත් පෙන්වා දෙනවා.

එහෙත් ඇමතිවරු සියල්ලන්ගේම නම් තමාගේ දුරකථනයේ ඇති බවත් ඇමතිවරු කතා කළොත් තමා හැමෝටම ප්‍රතිචාර දක්වා ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ නිසා  ඇමතිවරයෙකුගේ දුරකථන ඇමතුමක් තමාට මගහැරී නොමැති බව සභාපතිවරයා අවධාරණය කරනවා.

ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා මෙසේ ප්‍රතිචාර දැක්වුයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට.

කලක් වීරයෙක් වගේ කතාව

කලක් දූෂණ ගැන වීරයෙක් වගේ කතා කළ සභාපතිවරයා දුරකතන ඇමතුම් මඟහරින බව මාධ්‍ය වාර්තා කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මීට ටික දිනකට පෙර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

තමාව වීරයෙකු සේ හැඳින්වීම පිළිබඳව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවයි ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා සඳහන් කරන්නේ.

ලිට්රෝ ගෑස් සභාපතිවරයා මෙම අදහස් පළ කළේ පුද්ගලික රූපවාහිනි සේවයක් සමග කාලෙකට පසු සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 December 2021 09:10

Related items