May 07, 2024

දූත කණ්ඩායමක් නිසා රටම අනතුරක

December 20, 2021

ටැන්සානියාවේ පසුගියදා පැවති බෞද්ධ සම්මේලනයට සහභාගී වී මෙරටට පැමිණි බෞද්ධ දූත පිරිස කඩිනමින් කොවිඩ් පරීක්ෂණවලට ලක්විය යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.

එම සම්මේලනයට සහභාගී වූ හිමිනමක් සහ තවත් පුද්ගලයෙක් මේ වන විටත් කොවිඩ් ආසාදිතයින් ලෙසට තහවුරු වී ඇති අතර අප්‍රිකානු රටක් වන ටැන්සානියාවේ පසුගියදා පැවැති බෞද්ධ සම්මේලනයට දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි ගිහි සහ පැවිදි 30ක පමණ පිරිසක් සහභාගි වී තිබුණා.

එය අවසන්වී යළි පැමිණීමේදී එරටදී සිදුකළ PCR පරීක්ෂණවලදී කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබුණා.

පිරිස දිවයිනට පැමිණීමෙන් පසු සිය නිවෙස් කරා ගමන් කර ඇති අතර මහනුවර ප්‍රදේශයෙන් ඊට සහභාගී වූ හිමිනමක් සහ ගිහියෙක් සිය කැමැත්තෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමු වී ඇති අතර එහි වාර්තා අනුව එම දෙදෙනාටම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මහනුවර ජාතික රෝහලේ නීති වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත සුභසිංහ මහතා,

"අප්‍රිකානු ප්‍රහේදය ලංකාවට ආවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා දූත ගමනට සහභාගී වූ සියලුම ගිහි සහ අපේ ස්වාමින්වහන්සේලා ඉන්නතැනම ඉන්න. ළඟම ඉන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට මේ පිළිබඳව දැනුම් දෙන්න. නැවත අත්‍යවශ්‍යම PCR පරීක්ෂණයක් කරන්න ඕනේ."

Rate this item
(0 votes)