May 05, 2024

ටෙලිකොම් සමාගම සිය SLT Campus සමාගම විකුණා දමයි

December 19, 2021

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය පරිපාලිත සමාගමක් වූ SLT Campus (පෞද්) සමාගම රුපියල් මිලියන 410ක මුදලකට අලෙවි කළ බව වාර්තා වෙනවා.

ටෙලිකොම් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් පසුගිය 14වනදා මේ බව දැනුම් දී තිබෙනවා.

මෙහිදී Tempest Two (පෞද්) සමාගම නම් සමාගමක් එම මිලදී ගැනීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ටෙලිකොම් සමාගම සඳහන් කරන ආකාරයට අංක 46/58 නවම් මාවත, කොළඹ 02 ස්ථානයේ පිහිටි ‘මිලේනියම් හවුස්‘ ගොඩනැගිල්ලේ පස්වැනි මහලේ හි මෙම Tempest Two (පෞද්) සමාගම පිහිටා තිබෙනවා.

ඒ අනුව SLT Campus (පෞද්) සමාගමේ 100%ක හිමිකාරිත්වය මෙලෙස ටෙම්පෙස්ට් ටූ (පෞද්) සමාගම වෙත SSPA (Share Sale and Purchase Agreement) එකඟතාවක් ලෙස අලෙවි කිරිම සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ අතර අදාළ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම ප්‍රකාශ කරනවා.

මෙලෙස SLT Campus  (පෞද්) සමාගම මිලදී ගත් Tempest Two (පෞද්) සමාගම Tempest PE Partners (පෞද්) සමාගමේ ආයෝජන හස්තය ලෙසින්ද සැලකෙයි.

කැපිටල් එලායන්ස් සහ ඉන්සයිට් හෝල්ඩිංග්ස් යන සමාගම්වල ඒකාබද්ධවීමෙන් මෙම Tempest PE Partners (පෞද්) සමාගම බිහි වී තිබෙනවා.

කැපිටල් එලායන්ස් යටතේ ක්‍රියාත්මක Capital Alliance Partners Limited (CAL) සමාගම ලියාපදිංචි වී ඇත්තේද නවම් මාවතේ පිහිටි මෙම Tempest Two (පෞද්) සමාගම ලියාපදිංචි වී ඇති ලිපිනයේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 19 December 2021 11:56