May 12, 2024

මේක අලුත් දෙයක් නෙවෙයි - කිරිඇල්ලට ජොන්ස්ටන්ගෙන් පිළිතුරු

December 17, 2021

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබා දී තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහන් කර තිබුනේ පාර්ලිමේන්තු වාර අවසන් කිරීම වැරදි ක්‍රියාමාර්ගයක් බවයි.

ඒ අනුව ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ කිරිඇල්ල මන්ත්‍රීවරයා සඳහන් කරන ආකාරයේ අර්බුධ මොනවාද කියා තමා ප්‍රශ්න කරන බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වේරහැර පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමින්.

චන්ද්‍රිකා මැතිණිය, ප්‍රේමදාස මහත්තයා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජේ ආර් ජනාධිපතිතුමා මේ සියලුදෙනාම පාර්ලිමේන්තුවේ වාර අවසන් කළ බවත් එය අලුත් දෙයක් නොවන බවත් අමාත්‍යවරයා සිහිපත් කර සිටියා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියනවා පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම වැරදියි කියලා. දේශපාලන අර්බුධ තියෙනවලු. අර්බුධ වෙලාවේ පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න එපාලු. මම අහනවා මොනවද තියෙන දේශපාලන අර්බුධ කියලා. 1947 සිට මේ දක්වා 50 වරක් පමණ වාර අවසාන කරලා තියෙනවා. මේක අළුත් දෙයක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියාණෝත් පාර්ලිමේන්තුව වාර අවසාන කලා දෝෂාභියෝගය වෙලාවේ. වහලා පුටුවල ඌරු තෙල් ගෑවා. අනික අපි පාර්ලිමේන්තුව 2022 ජනවාරි 11 රැස්වෙන්න හිටියේ. දවස් 06ක් ඉවසන්න බැරිද? මේ විපක්ෂය කොවිඩ් කාලේ කිසිම උදව්වක් නොකල ලෝකෙ එකම විපක්ෂය. දැන් පාර්ලිමේන්තුව රැස් උනාම විපක්ෂය උපදෙස් දෙනවද අපට. චන්ද්‍රිකා මැතිණිය, ප්‍රේමදාස මහත්තයා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජේ ආර් ජනාධිපතිතුමා මේ හැමෝම වාර අවසන් කලා. මේක මේ අලුත් දෙයක් නෙවෙයි. එල්ලෙන්න වැලක් නැතිව විපක්ෂය කොරහේ කිඹුල්ලු මවනවා. ඩොලර් අර්බුදයක් තියෙනවා හැබැයි අපි ජනතාව අපහසුතාවයට පත් කරන්නෙ නෑ කියල වගකීමෙන් කියනවා. විපක්ෂයට මම නැවත අභියෝග කරනවා වැඩ පිලිවෙලක් තියෙනවා නම් කියන්න.”

Rate this item
(0 votes)

Related items