May 19, 2024

හිඟ වැටුප් ලබා දෙමින් වෛද්‍ය සාෆි යළි සේවයේ පිහිටුවයි

December 16, 2021

ගැබිනි කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවකට වද සැත්කම් කිරීමේ චෝදනාව යටතේ අනිවාර්‍ය නිවාඩු යවා තිබූ කුරුනෑගල මහ රෝහලේ වෛද්‍ය එස්.එස්.එස් සාෆි සහබ්දින් හට අනිවාර්‍ය නිවාඩු ගන්වා තිබූ කාලය තුළ ලැබිය යුතු ව තිබූ හිඟ වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් දන්වා තිබෙනවා.

කුරුනෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ, ඔහු ආයතන සංග්‍රහයේ පටිපාටින් අනු ව නැවත සේවයේ පිහිටුවීමටත් කටයුතු කරන ලෙස යි.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මොහොමඩ් සාෆි සහබ්දින් වෛද්‍යවරයා මෙම චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට පවා ලක් වුණා.

අදාළ ලිපිය පහතින් දැක්වේ,

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 December 2021 16:33