April 28, 2024

සෞදියට පිටත් වූ ශ්‍රී ලන්කන් යානයේ කාර්මික දෝෂයක්! ගුවන් නියමුවා ගත් හදිසි තීරණය Featured

December 15, 2021

කටුනායක ගුවන් තොටුපළෙන් සෞදි අරාබියේ දමාම් බලා ඊයේ (14) පස්වරුවේ පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක හයිඩ්‍රොලික් පද්ධතියේ බිද වැටීමක් හේතුවෙන් එම ගුවන් යානය පැය 02 යි විනාඩි 10 ක පසු යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පියාසර කිරීමට එම ගුවන් යානයේ නියමුවා පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 1263 දරන ගුවන් යානය නැවත කටුනායකට පියාසර කර ඇති අතර එම ගුවන් යානය තුළ මගීන් 146 දෙනකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනකු සමගින් 157 දෙනකු ගමන් කර ඇතැයි වාර්තා වනවා.

මෙම ගුවන් යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක්.

කටුනායකින් ඊයේ සවස 5.45ට පිටත් වූ ගුවන් යානය යළි රාත්‍රී 07.55 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට එම ගුවන් නියමුවා පියවර ගෙන තිබුණා.

මේ වනවිට මෙම ගුවන් මගීන් පිරිස වෙනත් ගුවන් යානයකින් යළිත් දමාම් වෙත යැවීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා නිලධාරීහු පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)