May 14, 2024

අමෙරිකානු ආරක්ෂක අංශ රැගත් ගුවන් යානයක් කටුනායකට - හේතුව හෙළිවෙයි

අමෙරිකානු ආරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

අමෙරිකානු හමුදා නිලධාරීන් 16 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම කටාර් ගුවන් සේවයේ කිව් ආර් 668 දරන ගුවන් යානයෙන් ඉකුත් 21 වනදා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරයට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සදහා එම පිරිස දිවයිනට පැමිණ ඇති බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ.

ඔවුන්ගේ පැමිණීම හා මෙරට තුළ රැදී සිටීම ශී‍්‍ර ලංකා රජය සමග සම්බන්ධීකරණයකින් යුතුව සංවිධාන කර ඇති බව ද කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යයාලය සදහන් කරයි. 

එමෙන්ම, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය දෙරටටම ඵලදායී හා සාර්ථක සංචාරයක් බවට පත් කිරීමට එක්ව වැඩ කිරීමට අපේක්ෂා කරන බව එම කාර්යයාලය වැඩිදුරටත් පැවසීය.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන 28 වනදායි.

Rate this item
(1 Vote)