May 16, 2024

අපේ මේ විරෝධය රඟපෑමක් නෙවෙයි : ඇත්තක් - විමල් මහජන මන්ත්‍රනයේදී කියයි Featured

December 15, 2021

තමන් කරන්නේ රඟපෑමක් නොවන බව විමල් වීරවංශ අමාත්‍යවරයා සදහන් කරනවා.

අමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඇතැමුන් එසේ සිතන එකේ සාධාරණයක් තිබෙන බවයි.

රඟපෑමට ප්‍රතිචාර

ඇතැමුන් මේ රටේ දේශපාලනය තුළ කර තිබෙන්නේ හා කරමින් සිටින්නේ රඟපෑමක් බැවින් එහෙම කරණ අය ඇමති මණ්ඩලයේ ඇමතිවරුන් තිදෙනෙකු අධිකරණයට යෑම රඟපෑමක් සේ දකින බවයි ඔහු සඳහන් කරන්නේ.

තමන් නොදුටු ගිවිසුමකට දැක්කා යැයි කියනවා නම් තමන් සිටිය යුත්තේ ඇඳුම් නැතිව බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එසේත් නැතිනම් කළ යුතුව තිබෙන්නේ ඇමතිධූරය පිළිබඳව තිබෙන ආශාව අත හැර අධිකරණය හමුවට යෑම බව සඳහන් කරන අමාත්‍යවරයා තමන් ඇතුළු පිරිස තෝරා ගත්තේ ඒ මාර්ගය බවයි පෙන්වා දෙන්නේ.

මහජන මන්ත්‍රනයේ ව්‍යාප්තිය

ඇමැතිවරයා මේ බැව් සඳහන් කළේ මහජන මන්ත්‍රනය සම්මන්ත්‍රණයට එක්වෙමින්.

මෙම මහජන මන්ත්‍රණ සම්මන්ත්‍රණ කණ්ඩායම කරන්නේ රඟපෑමක් බවට චෝදනා කළේ ජනතා විමුක්ති පෙරමුණ.

මහජන මන්ත්‍රනය දෙවැනි සම්මන්ත්‍රණය අද (14) පැවැත්වුණු අතර එහිදී යුගදනවි ගනුදෙනුවට අමතරව ආන්ඩුවේ විනීතභාවය හා ජීවන වියදම යන මාතෘකාද එක් කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 23:32