May 03, 2024

"ඔමික්‍රෝන්" පළමු බිල්ල ගනී

December 13, 2021

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වී සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවට පළමු වරට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද(13) සනාථ කර සිටියා.

ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ පළමු පුද්ගල මරණය ලෙසයි මෙය සැලකෙන්නේ.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් එරට රෝහල් ගතවන ආසාදිතයින් වැඩි වීමට හේතු වන බවත් මහජනතාවට මිනිසුන්ට කළ හැකි "හොඳම දේ" ඔවුන්ගේ බූස්ටර් එන්නත ලබා ගැනීම බවයි.

ලන්ඩනයේ කොවිඩ් එන්නත් ලබාදෙන සායනයකට සහභාගී වෙමින් ඔහු පැවසුවේ ඔමික්‍රොන් යනු "මෘදු ප්‍රභේදයක්" බවටවන අදහස ජනතාව විසින් බැහැර කළ යුතු බවයි.

Rate this item
(0 votes)