May 01, 2024

වෙළෙඳ ඇමතිගේ කතාවට ලොකු ඉල්ලුමක්! ජනතාව පෝලිමේ - අත්‍යවශ්‍ය ආහාරවලට සීමාවක්

December 13, 2021

වත්මන් කොවිඩ් වසංගතය, ඩොලර් හිඟය නිසා මේවන විට මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. 

විශේෂයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව තිබෙන අතර ආණ්ඩුව ඊට විසඳුම් ලබා දුන්නද ඒවා පැලැස්තර විසදුම් වී තිබෙන බවයි පෙනී යන්නේ.

කිරිපිටි හිඟය, එලවළු සහ සහල් මිල ඉහල යාම, ගෑස් පිපිරීම් හේතුවෙන් ජනතාව වෙනත් විකල්ප හොයමින් සිටින අතර ආණ්ඩුවද ඊට දැඩිව මැදිහත්වන බවක් පෙනී නොයන බවයි ජනතාවගේ මතය වී තිබෙන්නේ.

ජනතාවගේ අමාරුව ගැන බන්දුල කියයි

ජනතාවට දැඩිව බලපාන අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල යාමට ආණ්ඩුවේ විසදුම ඉදිරිපත් කරමින් වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසූවේ මේ මාසයේ 31 දක්වා සියලුම භාණ්ඩ වර්ග 50ක් වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩුවෙන්  සතොස හරහා ලබා දෙන බවයි.

"කිසිදු හිඟයකින් තොරව පසුගිය සතිවල දුන්නේ කිලෝ තුනයි. දැන් කිලෝ පහ ගානේ ලබාදෙනවා. භාණ්ඩ වර්ග 50 ක මිල අඩු කරලා තිබෙනවා. මේ උත්සව සමයට අපි දන්නවා ජනතාවට අමාරුයි. මේ ලෝක උද්ධමනයත් එක්ක අපේ රටේ ජනතාවට සහන සැලසීම සඳහා සතොස මගින් බෙදා හරිනවා. සතොසට යන්න දුරස් කෙනෙක් ඉන්නවනම් දුරකථනයෙන් කතා කරහම නිවසටම ගෙනත් දෙන වැඩපිළිවෙළ කුත් සකස් කරල තියෙනවා." යැයි ඇමැතිවරයා කියා සිටියා.

ඇමතිගේ කතාවට ලොකු ඉල්ලුමක්

මෙලෙස අත්‍යාවශ්‍ය භාණ්ඩ අඩු මිල ලබා ගැනීමට තිබෙනවාද යන්න අප සොයා බැලීමක් සිදුකළා.

දිවයින පුරා සතොස ශාඛා වල අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකම මිල අඩු කිරිමත් සමග තලවකැලේ සතොස ශාඛාවෙන් භාණ්ඩ මිල දි ගැනිමට වතු කම්කරුවන් විශාල පිරිසක් පැමිණ සිටි බව අප හැටන් වාර්තාකරු පැවසුවා.

සතොස ශාඛාව වල සහල් සිනි ඇතුළු කිරිපිට මිල දි ගැනිමට පාරිභෝගිකයන්ගේ විශාල ඉල්ලුමක් පැවති බවයි වාර්තා වන්නේ.

එසේ පැමිණෙන පාරිභෝගිකයන්ට සහල් පරිප්පු, සිනි සහ කිරිපිටි සිමිත ප්‍රමාණයක් පමණක් නිකුත් කරන බවයි එම ශාඛාවේ කලමණාකරු කියා සිටියේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 13 December 2021 14:43