May 10, 2024

නොදැකපු ගිවිසුමට කැබිනට් අනුමැතිය දුන් හේතුව ජොනී කියයි

December 12, 2021

ඇමරිකාවේ නිව් ෆොට්‍රස් සමාගම සමඟ මුදල් අමාත්‍යාංශය අත්සන් කළ ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාදුන් අයුරු ගැන ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

ඔහු සඳහන් කරන්නේ එම ගිවිසුම නොදැක ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීම නිවැරදි තීන්දුවක් බවයි.

සාමූහික විශ්වාසය

කැබිනට් මණ්ඩලය තුළ තිබෙන විශ්වාසය යන පදනම තුල එසේ නොදැකපු ගිවිසුමකට අනුමැතිය ලබා දීමේ වැරැද්දක් නැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම ගිවිසුම නොදැක්කද එම ගිවිසුමේ කිසිදු වැරද්දක් නැති බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

වැඩදායි ගිවිසුමක්

එම ගිවිසුම හරහා ක්‍රියාත්මක වන වැඩසටහන මෙරට අත්‍යවශ්‍යම එකක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මේ බැව් සඳහන් කළේ 2022 අය - වැය විවාදය අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුවේදීම මාධ්‍ය අමතා.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මුදල් අමාත්‍යාංශය සතු 50% ක කොටස් ඇමරිකාවේ ඉහත සඳහන් සමාගමට ලබාදීමට ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීන්දුවට එරෙහිව මේ වන විට වෘත්තීය සමිති විරෝධතා පවා දියත් වනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 December 2021 23:59

Related items