May 03, 2024

විශ්වවිද්‍යාල ප්‍රථම ඩිජිටල් වෛද්‍ය මධ්‍යස්ථානය ජ'පුරට

December 11, 2021

විශ්වවිද්‍යාල ප්‍රථම ඩිජිටල් වෛද්‍ය මධ්‍යස්ථානය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ආරම්භ කර තිබෙනවා.

මෙරට රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවල යටතේ මෙය ක්‍රියාත්මක කරයි.

මෙම  රෝහල් සෳෙඛ‍‍්‍ය තොරතුරු කළමනාකරණ පද්ධත හදුන්වාදීමෙන් 15000 කට වැඩි ශිෂ්‍ය, ආචාර්ය මණ්ඩලය හා සෙසු කාර්යමණ්ඩලයට අවශ්‍ය වෛද්‍ය සේවා පහසුකම් වඩාත් පහසුවෙන් හා විධිමත් ලෙස පවත්වාගනයාමට හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා.

වෛද්‍ය වාර්තා තබාගැනීම, ඖෂධ නිකුත්කිරීම, වෛද්‍ය පරීක්ෂණ වාර්තා පවත්වාගන යාම ඇතුළු වෛද්‍ය කළමනාකරණ සේවා රැසක් මෙමගින් සපයයි.

මෙරට රෝහල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවල යටතේ මේවනවිට දිවයින පුරා රෝහල් 46ක් ඩිජිටල්කරණය කර ඇති අතර එය විශ්වවිද්‍යාල පද්ධතියට හදුන්වාදුන් පළමු අවස්ථාව මෙයයි.

ඒ සදහා වූ තාක්ෂණික පහසුකම් හා සහාය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සපයා තිබෙනවා.

මෙම වෛද්‍ය මධ්‍යස්ථානය ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම ආරම්භක අවස්ථාවට විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය ප්‍රසාද් ජයවීර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු මහින්ද බී හේරත්, ප්‍රධාන ඩිජිටල් රාජ්‍ය නිලධාරි කාංචන තුඩුගල, රේඛිය ව්‍යාපාර විසැදුම් අධ්‍යක්ෂ අමිල කුලරත්න, වැඩසටහන් කළමනාකරු මහීස දයානන්ද ඇතුළු නියෝජිතයන් රැසක් සහභාගී වී තිබෙනවා.

Rate this item
(0 votes)