April 26, 2024

ඩයනාගේ සිහිනය සැබෑ වෙයි! කංසා යෝජනාව සම්මතයි (VIDEO)

December 08, 2021

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) සම්මත වුණා.

සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනාව ස්ථිර කළා.

යෝජනාව ඉදිරිපත් කරමින් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ මේ වන විට ලොව බොහෝ රටවල් කංසා බෝගයක් ලෙස වගා කර ආදායමක් ලබමින් සිටින බවයි.

එහිදී කංසා ඖෂධීය ශාකයක් බවත් එනිසා එම යෝජනාව ස්ථීර කරන බවත් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළා.

මෙහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කළා.

දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසූවේ ආරක්ෂක අංශවල සහය උපයෝගී කරගෙන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කමිටු 3ක් මගින් අනුමත කිරීම මගින් එය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ යෝජනාව ඉතාම සුදුසු වන බවත් කෙටි කාලයක් තුළ මෙම අණ පනත් සම්මත කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)

Related items